Nimali Gunawardana

මට අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න තිබුණ බලාපොරොත්තුව ආර්ටික  අපහසුකම් නිසා අතහැරුණා. ඉස්කෝලෙන් පස්සෙ ටික කාලයක් ගාමන්ට් එකක රස්සාවට ගියා. ඒත් මගේ හිත කිව්වෙම මගේම ව්‍යාපාරයක් පටන් ගන්න. මම පොල් කොහු වලින් නිෂ්පාදන කරන ව්‍යාපාරයකට අතගැහුවා. තරුණියක් වීම නිසා වගේම අත්දැකීම් අඩුකම නිසා මුලින් අපහසුතා ඇති වුණත් ඒ අත්දැකීම් වලින්ම ව්‍යාපාරය සාර්‍ථකව ගෙනියන්න ඉගෙන ගත්තා. අදටත් අභියෝග ආවා කියලා අධෛර්යමත් වෙන්නෙ නැහැ. අපි පොල් කොහු අමුද්‍රව්‍ය නිෂ්පාදන කලට වෙලාවට හොඳම තත්ත්වයෙන් ලබාදෙන නිසා කොම්පැනි වලින් ඒවට තියෙන ඉල්ලූමත් දවසින් දවස වැඩි වෙනවා. දැනටමත් රටවල් කිහිපයකම අපි  හදන පොල් කොහු චිප්ස්වලට හොඳ ඉල්ලූමක් තියෙනවා. ඉස්සරහට මෙට්ට, පාපිසි, කඹ වගේ කොහු ආශ්‍රිත තවත් නිෂ්පාදන කරන්නත් අදහස් කරගෙනයි ඉන්නෙ. කලින් අනුන්ගෙ ඉඩමක කෙරුව ව්‍යාපාරය දැන් කරන්නෙ අලූතින් ගත්ත අපේම ඉඩමක. අපේ ව්‍යාපාරයයෙන් ගමේ තවත් අයටත් සෘජු සහ වක්‍ර  ආදායම් මාර්ග උදාවෙලා තියෙනවා.