Music.lk Sinhala

මමත් ඒ ලෙවල් කරලා රස්සාවක් නැතිව හිටිය කාලෙ ගොඩක් දේවල්  ට්‍රයි කරලා බැලූවා. ඒත් ඒවා හරිගියේ නැහැ. ඒ නිසා ඇත්තටම මම රස්සාවක් ගැන කිසිම අරමුණක් නැතුව හිටියේ. ඒත් මම රටේ ලෝකෙ සිදුවන වෙනස්කම් ගැන ඇහැගහගෙන හිටියා. හැම වෙලාවෙම අලූත් අලූත් අවස්ථාවන් හෙව්වා. සිංදු අහන එක හැමෝගෙම ආසාවක්. ඒත් අපේ සිංදුවලට තියෙන ඉල්ලූමට ප්‍රමාණවත් සැපයුමක් අන්තර්ජාලය ඇතුළේ නැති බව මට පෙණුනා. ඒ අඩුව පුරවන්නේ කොහොමද? මං සෑහෙන්න කල්පනා කළා. අත්හදාබැලීම් කළා. ඒකේ අවසාන ප්‍රතිඵලය අද මුළු ලෝකයම දන්න Music.lk. එදා රස්සාවක් නැතිව හිටිය මම දැනටමත් විශාල පිරිසකට රැකියා ලබාදීලා තියෙනවා. මං හිතනවා නැගී සිටින්න අවශ්‍ය නිර්මාණශීලීත්වය හා දැනුම් තේරුම්කම ඇති විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. හැබැයි ඔවුන්ට ඒකට රටෙනුත් තල්ලූවක් ඕනෑ.