Janaki kathriarachchi

ගෙදර බත් පතට අනිවාර්යයෙන් ම පලාමැල්ලූමක් එක් කිරීමට අමතක නොකළ ජානකීගේ ඔළුවට අලූත් අදහසක් ආවා. බොහෝ ගෘහණියන් මැල්ලූමක් සැකසීම වදයක් වශයෙන් සලකන බව ඇය දැන සිටියා. මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න පුළුවන් නම් එතැන ව්‍යාපරික අවස්ථාවක් පවතින බව ඇයට කල්පනා වුණා.ඒ නිසා මුලින්ම ගෙදර දී පිරිසිදුවට කපා සැකසූ පලාමැල්ලූම් පැකට් තුනක් සුපිරි අලෙවිසලක අලෙවියට තැබුවා. ඈ අපේක්ෂා කළ පරිදිම පලාමැල්ලූම් පැකට්වලට තියෙන ඉල්ලූම දවසින් දවස ඉහළ ගියා. අවසානයේ පැකට් කළ අපේ පලාමැල්ලූම් පිටරට යවන්නත් පටන්ගත්තා.   විශිෂ්ටතම කාන්තා ව්‍යවසායිකාවට හිමිවන රන් සම්මානය තෙවරක් ම දිනාගැනීමටත් මේ වන විට ජානකී මහත්මිය සමත්ව සිටිනවා. පලා වගා කෙරෙන විශාල කාබනික ගොවිපොළක් සහ ශ්‍රි ලංකා  ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුව පලා පැකට් කරනු ලබන කර්මාන්තශාලාවක් දැන් ඇය සතුයි. දේශීය සහලෙන් සැකසූ රසවත් බත්වේලක් ලබාදෙන ‘රන්බත්’ ඇගේ තවත් ව්යාපාරයක්. සියලූ දේශීය ආහාර, ඖෂධීය කැඳ වරඣග සහ අතුරුපස සහිත සුපිරි අවන්හලක් අගනගරයේ ආරම්භ කිරීම ඇගේ ඊළඟ ව්‍යාපාරික ඉලක්කයයි.